මේ පැති වලට ජලය සීමා කරයි - දවසට පැය 4ක් පමණක් ජලය නිකුත් වේ
හැටන් ජල සම්පාදන පාරිභෝගික සේවා කාර්යාලය මගින් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමග ජල මුලාශ්‍ර සීදි යෑමෙන් සීමා කර ජලය නිකුත් කිරිමට කටයුතු කර ඇත.
මේ හේතුවෙන් ජල පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති අතර හැටන් සිංගිමලේ ජලාශයෙන් සහ දික්ඔය බටල්ගල ජල පොම්පාගාරයෙන් ජලය ලබා ගෙන හැටන් සහ දික්ඔය යන නගරවල ජල පාරිභෝගිකයන්ට ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය නිකුත් කරනු ලබයි.
පවත්නා තත්වය මත හැටන් ජල සම්පාදන පාරිභෝගික සේවා මධයස්ථානය මගින් සීමා කර ජලය නිකුත් කිරිම නිසා හැටන් නගරයේ ආපන ශාලා හිමියන්ට මුදල් ගෙවා ලොරි රථ යොදගෙන විශාල දුරක් ගොස් පානීය ජලය රැගෙන ඒමට සිදු වී ඇත.
හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිළධාරියෙකු පවසන ආකාරයට සිංගිමලේ ජලාශයේ ජලය සිදී යෑම හේතුවෙන් දික්ඔය බටල්ගල ජලපොම්පාගාරය මගින් ලබා ගන්නා ජලය උපයෝගි කරගෙන දිනක් හැර දිනක් දවසට පැය 3ක් සහ 4කට සීමා කර ජලය නිකුත් කරන බවත්, පවතින වියලි කාලගුණය අවසන්වන තෙක් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කළ යුතු බවත්ය.
තවද ජල මූලාශ්‍ර පිහිටි රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කර ඇති නිසා ජල මූලාශ්‍ර සිදී යැම ජලාශවල ජල මට්ටම පහළ බැසීමට ප්‍රධාන හේතුවක් බවද එම නිළධාරියා පැවසීය.