"සමුපකාර පැරදුණාට ජනමතය බැහැලා නෑ" - මාලිමාවේ ජනප්‍රියත්වය ගැන ඇමති හර්ෂණ කියයි

Report

හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ, මාලිමාව බලයට පත්වීමට පෙර එල්ල වූ අභූත චෝදනා හේතුවෙන් මැතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාවද මේ වනවිට ආණ්ඩුවේ ගමන්මග පිළිබඳව පැහැදීමෙන් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, විශේෂයෙන් කොළඹ මැද පන්තියේ ජනතාව අතරද ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතය තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි.

එමෙන්ම, මාලිමාව බලයට පත්වීමෙන් පසු ජයග්‍රහණය කළ සමුපකාර සමිතිවල බලය යම් ලෙස අහිමි වීම ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතයේ පසුබෑමක් ලෙස තමන් නොදකින බවද ඔහු පෙන්වා දෙයි.

කපිලව මැරුවේ රාජපක්ෂ වෙන්න බැරිද? දේශපාලන කරළිය ගිනිබත් කළ සරත් ෆොන්සේකාගේ දැඩි ප්‍රහාරයක්

කපිලව මැරුවේ රාජපක්ෂ වෙන්න බැරිද? දේශපාලන කරළිය ගිනිබත් කළ සරත් ෆොන්සේකාගේ දැඩි ප්‍රහාරයක්

සමුපකාර ඡන්ද පවතින්නේ එම සාමාජිකයන් අතර පමණක් බවත්, ජනතාව ආණ්ඩුවට විවේචන එල්ල කිරීමෙන්ම ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය තහවුරු වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම අදහස් ඔහු පළ කර ඇත්තේ පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයකදී බව වාර්තා වේ.

වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්

වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්