කපිලව මැරුවේ රාජපක්ෂ වෙන්න බැරිද? දේශපාලන කරළිය ගිනිබත් කළ සරත් ෆොන්සේකාගේ දැඩි ප්‍රහාරයක්
ශ්‍රී ලංකන් ගුවන්සේවා හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිටුපස විශාල අභිරහසක් පවතින බවත්, එහි සෘජු ප්‍රතිලාභ හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු පවසන්නේ මෙම සිදුවීම පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන තත්ත්වයක් බවත්, එදා මෙන්ම මෙවරද විවිධ ප්‍රතිලාභ ඇතැම් දේශපාලන පාර්ශව වෙත ගලා යන බවට සැකයක් පවතින බවත්ය.
එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ අතීත ක්‍රියාකලාපය හා චරිතය පිළිබඳව සලකා බලන විට මෙවැනි සිදුවීම් පිටුපස ඔහුගේ අනුදැනුමක් තිබුණාද යන්න පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද ෆොන්සේකා මහතා සඳහන් කර ඇත.
යුද සමය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, යුද පිටියේදී මහින්ද රාජපක්ෂ මහතා දැක නොමැති බවත්, ඔහු හමුදා සේවයේ සෘජු අත්දැකීම් නොමැති බවත්ය.
රටක් ආරක්ෂා කිරීම සඳහා සැබෑවටම පෙරමුණට යා යුතු බවද, කොළඹ සිට ප්‍රකාශ කිරීමෙන් එය සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම, තමාට අවස්ථාවක් ලැබුණහොත් රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවද සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“මම යුද පිටියේ මහින්ද රාජපක්ෂ ඉන්නවා දැක්කේ නෑනේ ඒ කාලේ. කෝප්‍රල් කෙනෙක් වෙලා වත් හිටියේ නෑ අපි දන්න තරමින්. රට බේරගන්න නම් ඉතින් ඒ වෙලා යන්න එපැයි යුද ඇඳුමක් ඇඳගෙන හමුදා නියෝජිතයෙක් හරියට ඉදිරියට යන්න ඕනේ. නැතුව කොළඹ ඉදලා කෑ ගැහුවට කොහොමද රට බේරගත්තා කියන්නේ? ජීවිත පූජාවෙන් සතුරාට මුහුණ දෙන්න ඕනේ. රාජපක්ෂලා කියන්නේ නිකන් පුම්බාගත්ත දූෂිත චරිත. අරක්කුවලිනුයි, පගාවලිනුයි, අල්ලස්වලින් පෝෂණය වෙච්ච පිරිසක්. ඒගොල්ලෝ මර්දනය කරන එක ඉතා සුළු වැඩක්. තනතුර මට ලැබුණොත් රාජපක්ෂ පවුල මේ රටේ ඉන්නෙත් නැහැ.”