මෙරට හදිසි නීතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Report

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer-Hamdy පවසන්නේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ක්‍රියාත්මක කිරීමේ සීමාවන් පිළිගත හැක්කේ සුවිශේෂී, සමානුපාතික සහ යුක්ති සහගත වූ විට පමණක් බවයි.

ට්විටර් පණිවිඩයක් තබමින් ,ඇය ප්‍රකාශ කළේ විසම්මුතිය සාමකාමීව ප්‍රකාශ කිරීම හදිසි අවස්ථාවක් නොවන බවත්, විසම්මුතිය සඳහා මූලික හේතු පළමුව විසඳිය යුතු බවත්ය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now