ඉන්දියාවට තවත් මරු පහරක් - H-1B වීසා ගාස්තුව ඉහළට
By Shehan
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා H-1B වීසා අයදුම්කරුවන් සඳහා ගාස්තුව ඩොලර් ලක්ෂයකට (පෙර ගාස්තුවෙන් 60 ගුණයකින්) ඉහළ දැමීමේ විධායක නියෝගයකට අත්සන් කර ඇති බව වාර්තා වේ.
මෙය අලුත් අයදුම්කරුවන්ට පමණක් වලංගු වන අතර, වාර්ෂිකව මෙම වීසාවලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නා ඉන්දියන් පුහුණු ශ්‍රමිකයින්ට දැඩි බලපෑමකි.
ඇතැම් අමෙරිකානු සමාගම් විදෙස් ශ්‍රමිකයින්ට රට තුළම රැඳී සිටින ලෙස හෝ රටින් පිටව සිටින්නේ නම් වහාම යළි පැමිණෙන ලෙස දැනුම් දී ඇත. ඉන්දිය රජය මෙය මානුෂීය වශයෙන් ගැටළුකාරී බව පවසමින්, එක්සත් ජනපදය තීරණය යළි සලකා බැලීමට අපේක්ෂා කරයි.