අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම පිළිබඳව ඉකුත් සිකුරාදා දින තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසා ඇත.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් නිකමට හෝ තමාට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ නම් තමා වාහනය ගෙනවිත් භාරදෙන බව ද පැවසූ බව වාර්තා වේ.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

එහිදී මන්ත්‍රීවරයා තමා විසින් හිටපු ප්‍රභල ඇමතිවරයෙක් සහ වත්මන් මන්ත්‍රීවරයෙක්ගේ දියණියගෙන් මෙම වාහනය මිලදී ගත් බවත් එය නීතිවිරෝධී ආකාරයට එකලස් කළ වාහනයක් බව තමා නොදන්නා බවත් සඳහන් කර ඇත.

මෙම අවස්ථාවේදී සංවේදී වෙමින් මන්ත්‍රීවරයා තමාගේ පුත්‍රයාට කුඩා දරුවන් දෙදෙනෙක් සිටිනා බවත් එම දරුවන් තමාගෙන් පියා සම්බන්ධයෙන් විමසන විට එය දරාගත නොහැකි බවත් වැඩිදුරටත් කියා ඇත.

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

මේ අතර මෙහි මුල් හිමිකරු ඉදිරිපත් වන තුරු තමාගේ පුතාට ඇප ලබා නොදෙන බැවින් ඒ සම්බන්ධයෙන් තමා එහි පෙර හිමිකාරියගේ පියා වන රෝහිත අබේගුණවර්ධන මහතාට දුරකථනයෙන් දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.  

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති