මේ රාජ්‍ය නිලධාරින් මාර්තු 03 කරන්න යන දේ මෙන්න

Report

2009/2010 වර්ෂවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර තිබේ.

ඔවුන්ගේ මෙම තීරණය, බඳවා ගැනීමේ සිට වසර ගණනාවක දී පසු වූ අසාධාරණ, නොසලකා හැරීම් සහ නව සේවා ව්‍යවස්ථාවෙන් සිදු වූ අසාධාරණයන් පිළිබඳව ඔවුන් නැගී සිටියි.

ඒ අනුව, එළැඹෙන මාර්තු 03 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අසල ඔවුන් නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වන අතර, ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් සහ පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් මෙම ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමට එකඟ වී ඇත.

ලෝකෙම හඬවපු පුංචි පන්ච්ගේ කතාව - පුංචි බෝනික්කෙක්ගෙන් ආදරේ හොයන සංවේදී දර්ශන සමාජ මාධ්‍ය කළඹයි

ලෝකෙම හඬවපු පුංචි පන්ච්ගේ කතාව - පුංචි බෝනික්කෙක්ගෙන් ආදරේ හොයන සංවේදී දර්ශන සමාජ මාධ්‍ය කළඹයි

ඔවුන් චෝදනා කරන්නේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ලේකම්වරයා සමඟ කීප වාර සාකච්ඡා පැවැත්වුවද, නිශ්චිත හා සාධනීය පිළිතුරු නොලැබී තිබෙන බවයි.

2026 මාර්තු 02 වන විට, ග්‍රාම නිලධාරී සේවයේ වසර 17ක් සම්පූර්ණ කළ සක්‍රීය නිලධාරීන්ගෙන් 25%කට ආසන්න, හෝ 2,300කට වැඩි සංඛ්‍යාවක්, අසාධාරණයට ලක්වූ බව වාර්තා වේ.

ග්‍රාම නිලධාරී කණ්ඩායම සඳහන් කරන්නේ, මෙම නිශ්චිත සහ සාධාරණ ඉල්ලීම් පිළිබඳ අවධානය නොදක්වන්නේ නම්, ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට ඔවුන් සූදානම් බවයි.

වැටුප් වැඩිකරනවට සමහරු කැමති නෑ - ඇත්ත හෙළිකරන ඇමති

වැටුප් වැඩිකරනවට සමහරු කැමති නෑ - ඇත්ත හෙළිකරන ඇමති