ලෝකෙම හඬවපු පුංචි පන්ච්ගේ කතාව - පුංචි බෝනික්කෙක්ගෙන් ආදරේ හොයන සංවේදී දර්ශන සමාජ මාධ්‍ය කළඹයි[VIDEO]

Report

මේ දිනවල මව විසින් අතහැර දමා ගොස් මාස කිහිපයකට පසු සමාජ මාධ්‍යයේ තරුවක් බවට පත් වූ මැකේක් පැටවෙකු දැක ගැනීමට රසිකයන් දුසිම් ගණන් ජපන් සත්වෝද්‍යානයකට රොක් වෙන බව වාර්තා වේ.

මාස හයක් වයසැති පන්ච් නැමති මෙම පැටවා සත්වෝද්‍යානයේ සිටින තම රැලේ අනෙකුත් සතුන්ගේ පීඩාවන්ට ලක් වීමත්, පිරවූ ඔරංඔටන් සෙල්ලම් බඩුවක් ඇදගෙන යන දර්ශනත් සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වීමත් සමඟ පන්ච් පැටවා පිළිබඳ ලෝකයම කම්පා විය.

පන්ච්ගේ මව, ඇතැම් විට එය ඇගේ පළමු පැටවා වීම නිසා හෝ ගිම්හාන තාපය හේතුවෙන් ශක්තිය අඩු වීම නිසා, ඇගේ පැටවුන් රැකබලා ගැනීමට උනන්දුවක් නොදැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ලංකාවටම ඇඬෙන්න ගහලා ගිය සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාගෙන් ලංකාවට සටහනක්

ලංකාවටම ඇඬෙන්න ගහලා ගිය සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාගෙන් ලංකාවට සටහනක්

කෙසේ වෙතත් ජපන් මැකේක් පැටවුන් තම මව්වරුන්ගේ ඇඟේ එල්ලී සිටින්නේ ආරක්ෂිත බවක් දැනීමට සහ ඔවුන්ගේ මාංශ පේශි ගොඩනැගීමට බව සඳහන්.

එහෙත් මව විසින් අතහැර දමා සිටි පන්ච් තම තනියට තෝරා ගත්තේ දිගු කකුල් සහිත ඔරංඔටන් බෝනික්කෙකි.

ඒ පිළිබඳව සත්වෝද්‍යාන පාලකයෙක් සඳහන් කළේ "එයාට ඒක අල්ලගන්න ලේසි වුණා," "සමහරවිට එයා කැමති වෙන්න ඇති ඒක වඳුරෙක් වගේ පේන එකට." යනුවෙන්.

මේ අතර පන්ච්ගේ අවාසනාවන්ත තත්ත්වය අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් තුළ විශාල සංවේගයක් සහ අනුකම්පාවක් ඇති කළ අතර, #HangInTherePunch යන හැෂ් ටැගය යටතේ ලොව පුරා සිටින ජනතාව කුඩා පන්ච් ගැන විවිධ තොරතුරු පළ කිරීමට පටන් ගෙන ඇත.

ලෝකෙම පිස්සු වට්ටන ශකීරාගෙන් රසිකයන්ට පිස්සු හැදෙන ආරංචියක්

ලෝකෙම පිස්සු වට්ටන ශකීරාගෙන් රසිකයන්ට පිස්සු හැදෙන ආරංචියක්

ජූලි මාසයේ උපත ලැබූ පන්ච් කෘත්‍රිම පරිසරයක ඇති දැඩි කරන ලද අතර, ඉකුත් මාසයේ ඔහුගේ කණ්ඩායමට නැවත එක්වීමට පුහුණුවීම් ආරම්භ කළ බව වාර්තා වේ.

ඒ අනුව මේ මාසයේ ටෝකියෝ අසල ඉචිකාවා නගර සත්වෝද්‍යානයේ සත්වෝද්‍යාන පාලකයින් ඔහු ක්‍රමයෙන් ඒ සඳහා ඒකාබද්ධ වන බව පළ කළත් ඊට "සෙල්ලක්කාර ලෙස අන් අයට පහර දීම සහ බැණ වැදීම" ත් ඇතුළත් බවත් සඳහන් කළා.

එමෙන්ම පුංචි පන්ච්ට මේ වන විට මවකගේ ආදරය ලැබී ඇති බවටද සමාජ මාධ්‍ය පුරාවට විවිධ සටහන් පළ වේ. කෙසේ වෙතත් ලොවක් හැඬවූ පුංචි පන්ච්ට නැවතත් ආදරය උණුහුම ලැබීම මුළු ලෝකයේම ප්‍රාර්ථනයයි.  

රු. 63 කෝටි! ශ්‍රී ලංකාවේ විශාලතම ලොතරැයි ජයග්‍රහණය පිළිබඳ අළුත්ම වාර්තාව

රු. 63 කෝටි! ශ්‍රී ලංකාවේ විශාලතම ලොතරැයි ජයග්‍රහණය පිළිබඳ අළුත්ම වාර්තාව