ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි
උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මෙම මාසය (සැප්තැම්බර්) අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අදාළ විභාග ප්‍රතිඵල මත පදනම්ව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් වෙනුවෙන් පැවැති ගුරු විභාගයෙන් 15,000 දෙනෙකු සහ විවෘත පදනම යටතේ පැවැති ගුරු විභාගයෙන් 8,000 දෙනෙකු වශයෙන් මෙම බඳවාගැනීම් සිදු කිරීමට නියමිතයි.
විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන අතර තේරී පත්වන සියලුම උපාධිධාරීන් සඳහා දෙසැම්බර් මාසයේදී ගුරු පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.