ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Sri Lankan Schools Education Latest Headlines
By krishani Sep 15, 2024 10:00 AM GMT
krishani

krishani

Report

අද(15) දින දහවල්, 2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

ජනවාරි.. එතකොට පෙළ පොත්, නිළ ඇඳුම්?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මෙන්න මේ දැනුම්දීම..

ජනවාරි.. එතකොට පෙළ පොත්, නිළ ඇඳුම්?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මෙන්න මේ දැනුම්දීම..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.

ඒ, අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ අතර, අද පැවති විභාගයේ දී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටළුවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


එමෙන්ම, විභාගය පැවැත් වූ කාලසීමාව තුළ ගැටලුකාරී සිද්ධීන් කිසිවක් විභාග මෙහෙයුම් කාර්යාලය වෙත ලැබී නොමැති බව ද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටියේ ය.

ජනපති රනිල් සමග පැමිණි හෙලිකොප්ටරයක් හදිසියේම වෙල් යායකට ගොඩ බස්වලා.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

ජනපති රනිල් සමග පැමිණි හෙලිකොප්ටරයක් හදිසියේම වෙල් යායකට ගොඩ බස්වලා.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..


දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී විභාගය පැවැත්විණ.

එමෙන්ම, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ද විශේෂ විභග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වූ බවය.