ජනපති රනිල් සමග පැමිණි හෙලිකොප්ටරයක් හදිසියේම වෙල් යායකට ගොඩ බස්වලා.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..
ස්වාධීන අපේක්ෂක ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටර් යානය හදිසියේම ගොඩ බස්වා තිබෙනවා.
ඒ කාර්මික දෝෂයක් හේතුවෙන් ය.
එම යානය එප්පාවල, කටියාව වෙල් යායට අද (14) පස්වරුවේ ගොඩ බස්වා තිබෙනවා.
කෙසේ වෙතත්, හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂය මේ වන විට පරීක්ෂා කරමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බව ජනාධිපති ආරක්ෂක අංශය සඳහන් කළේ ය.