ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පාසල් සිසුන් ගැන ඇසෙන භයානක හෙළිදරව්වක්.

Grade 05 Scholarship examination School Children
By Wayomi Aug 29, 2024 09:47 AM GMT
Wayomi

Wayomi

Report

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන් රෝගී රැසකට ගොදුරු වී ඇති බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.

ඒ, ඇතැම් මව්පියන් විසින් ලබාදෙන පීඩනකාරී තත්ත්වයි ඔහු පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.


වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,මව්පියන් විසින් දරුවන්ව පීඩාවට පත්කිරීම නිසා ඔවුන් බියවී බඩේ කැක්කුම, වමනය, හිසේ කැක්කුම සහ නිසි ලෙස ශරීර කෘත්‍යන් සිදු නොවීම ආදී රෝගී රැසකට මුහුණ දී ඇති බවයි.

එමෙන්ම රෝගී වූ දරුවන් රැසක් දිවයින පුරා සෑම රෝහලකින්ම පාහේ වාර්තාවන බවත්, දරුවන්ගේ මානසික මට්ටමට හානියක් නොවන ලෙස ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය දැක්වීමට මව්පියන් පියවර ගතයුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මේ හේතුවෙන් දරුවන්ට ඔවුන්ගේ පාඩම් වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන ලෙසයි වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක්.? - රන්ජන් ගේ කට වහපු වාරණයක් නිසා වෙච්ච දෙයක්.

හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක්.? - රන්ජන් ගේ කට වහපු වාරණයක් නිසා වෙච්ච දෙයක්.

මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)

මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)