රු.25000 දීමනාව ලබාදීම ආරම්භයි

Report

ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය මගින් රුපියල් විසිපන්දහසක මුදලක් ලබාදීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් විසිපන්දහසේ දීමනාව සඳහා රුපියල් මිලියන 67ක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසුවාය.

දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද නිවාස ගංවතුරෙන් යටවු පවුල් වෙත රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදීම මේ වන විට සිදු කෙරෙන බව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා පවසයි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදීම ඊයේ (10) ආරම්භ කල අතර එම කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 47න් 46ක්ම පීඩාවට පත්ව ඇත.

එවැනි පවුල් 5500ක් වෙත රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදෙන බවයි නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ප්‍රකාශ කල අතර කෑගල්ල කොට්ඨාශයේ ආපදාවට පත් ජනතාව වෙත රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදීම ද ඊයේ (11) ආරම්භ වී ඇත.

අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා

අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා ගංගානි අතාවුද මහත්මියගේ මූලිකත්වයෙන් වන අතර ආපදාවෙන් මිය ගිය තුන්දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයේ වන්දි මුදලෙන් පළමු කොටස ලෙස රුපියල් ලක්ෂය බැගින් ලබාදීම ද සිදු වී ඇත.