අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා
ශ්‍රී ලංකාවේ රන් මිලෙහි අද (11) එහි වෙනසක් සිදුවී ඇති බව වාර්තා වේ. ඒ අනුව, කැරට් 24 රත්තරන් පවුමකට රුපියල් 1000 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සාප්පු හිමියන්ගේ සංගමය පැවසීය.
මේ අනුව, වර්තමාන රන් මිලට අනුව, කැරට් 24 රත්තරන් පවුමකට රුපියල් 336,000 කට අලෙවි වේ. කැරට් 22 රත්තරන් පවුමකට රුපියල් 309,200 කට අලෙවි වන බව වාර්තා වේ.
ඒ අනුව, කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 42,000 ක් වන අතර, කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 38,650 කි.
මේ අතර, රිදී ග්‍රෑම් එකක් රුපියල් 800 කට අලෙවි වන බව වාර්තා වේ.