දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

Report

මෙවර තෙවැනි වාරය අවසානයේදී පාසල් සිසුන්ට කිසිඳු ආකාරයකින් ලකුණු දීමේ ක්‍රමවේදයක් සිදු නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කර ඇත.

මුද්‍රණය කරන ලද ප්‍රශ්න පත්‍ර තිබේ නම් ඒ පිළිබඳව පාසලේ සාකච්ඡා කළ හැකි නමුත් සිසුන්ට කිසිඳු ආකාරයකින් ලකුණු දීමක් වැනි දෙයක් සිදුකිරීමට නොහැකි බවද ලේකම්වරයා අවධාරණය කරයි.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

මේ වන විටත් ඇතැම් පළාත්වල පාසල්වල තෙවැනි වාර විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ඇති බවත් එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට හැකි බවත් විභාගයක් පැවැත්වීමට නොහැකි බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම තෙවැනි වාරයට අදාළ වාර විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 08 වෙනිදා සිට දෙසැම්බර් 19 වෙනිදා දක්වා බවත් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම විභාගය මෙවර නොපැවැත්වෙන බවයි.

පෙරපාසල් හා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භය ගැන දැනුම් දිමක්

පෙරපාසල් හා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භය ගැන දැනුම් දිමක්

මේ අනුව 6වැනි ශ්‍රේණියේ සිට 10වැනි ශ්‍රේණිය දක්වා කිසිඳු ආකාරයකට තෙවැනි වාර විභාගයක් නොපැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුරු විදුහල්පති හා සිසුන්ට ණය සහන - මෙන්න ඉල්ලීම්

ගුරු විදුහල්පති හා සිසුන්ට ණය සහන - මෙන්න ඉල්ලීම්