ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25ක ණයක් - මෙන්න විස්තරේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වී ඇත.

මෙම රැස්වීමේදී වැඩි අවධානය යොමුව ඇත්තේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් වන අතර ආපදාවට ලක් වු ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම සමබන්ධයෙන් සාකච්ඡා සිදු වී ඇත.

හෙට සිට රජයෙන් ලක්ෂ 50ක දීමනාවක් - මෙන්න සම්පුර්ණ විස්තරේ

හෙට සිට රජයෙන් ලක්ෂ 50ක දීමනාවක් - මෙන්න සම්පුර්ණ විස්තරේ

රැස්වීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසා සිටියේ රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී ඇති බවත්ය.

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

inhala-MCC-Finance-07-01-26 by ashfa