මේවා මේ රට්ටු බය කරන්න කියන කතා ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ වැඩි වුණා නම් වැඩි වුණේ මේ නිසා, අනිල්ට මළ පනී
ආණ්ඩුව මුදල් අච්චු ගැසූ බවට එල්ල වූ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා වත්මන් නීතිමය ව්‍යුහය යටතේ රජයට මුදල් මුද්‍රණය කිරීමට කිසිදු බලයක් නොමැති බවත්, ඒ අනුව එසේ මුදල් මුද්‍රණය කර නොමැති බවත් අවධාරණය කළා.
එසේම ඔහු පවසන්නේ ට්‍රිලියන 1.2 ක මුදලක් ආණ්ඩුව මුද්‍රණය කර ඇති බවට යම් සංවිධානයක් ඉදිරිපත් කර තිබූ චෝදනාව, නොදැනුවත්කම හෝ හිතාමතාම සමාජයේ බියක් ඇති කිරීමේ අරමුණින් සිදුකරන ලද ප්‍රකාශයක් බවයි.
එසේම මෙබඳු ප්‍රකාශ මගින් රට නැවත ආර්ථික අර්බුදයකට යමින් සිටින බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කරන බවත්, ඒවා රටේ ආර්ථික ස්ථායීතාවයට බාධා කරන, විපක්ෂයේ හෝ වෙනත් දේශපාලන හේතු මත සිදුකරන ප්‍රකාශ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ රජය විසින් කිසිදු ආකාරයකින් මුදල් සැපයුම වැඩි කර නොමැති බවත් රටේ ආර්ථිකය ප්‍රසාරණය වන විට හෝ විදේශ විනිමය ගලා ඒමක් සිදුවන විට, මහ බැංකුවේ විවෘත වෙළඳපොළ මෙහෙයුම් (Open Market Operations) වැනි ක්‍රියාකාරකම් නිසා මුදල් සැපයුමෙහි යම් වර්ධනයක් සිදුවිය හැකි බවයි.
එනිසා මෙය ආණ්ඩුව මුදල් මුද්‍රණය කිරීමක් නොවන බවත්, මේ සම්බන්ධ තොරතුරු සතිපතා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් පවසා ඇත.
ඊට අමතරව ඔහු ඉදිරිපත් කරන ලද සංඛ්‍යා දත්තවල වර්තමානයේ ලංකාවේ මුදල් සංචිත ප්‍රමාණය (Reserve Money) ට්‍රිලියන 1.6 ක් පමණ දැක්වුණා.
එමෙන්ම සමස්ත මුදල් සැපයුම (Total Money Supply) මේ වන විට ට්‍රිලියන 15 ට ආසන්න වී ඇති අතර, ඉකුත් වසරට සාපේක්ෂව මුදල් සැපයුමේ යම් වර්ධනයක් සිදුවී ඇති බව සත්‍යය වේ.
එසේ වුවත් එම වර්ධනය සිදුව ඇත්තේ මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරකම් සහ මහ බැංකුවේ මැදිහත්වීම් නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීමෙන් නොවන බව ඔහු අවසන් ලෙස පෙන්වා දී ඇත.