සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

Report

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව පවසයි.

ඒ අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට සමාජගත වී විවාහ විමේ බලාපොරොත්තුවෙන් පසුවන තරුණ තරුණියන්, ඒ සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව සූදානම් කිරීමේ අරමුණින් ස්ථාවර හා ආරක්ෂිත නිවසක් තනා ගැනීමට හැකි වන පරිදි රුපියල් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීමට 2025 අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව වාර්තා වේ.

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

එසේම මෙම කාර්යයට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් වේ.

එබැවින් හඳුනාගනු ලැබ ඇති නිර්ණායක අනුව පදනම් වෙමින් පහත කණ්ඩායම්වලට අයත් වූවන් වෙත මූල්‍යාධාර ලබා දීමට ජනාධිපතිවරයා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

" වයස අවුරුදු 18 සම්පුර්ණ වීම මත පසුගිය වසර 10ක කාලසීමාව තුළ (2015-06-30 දිනෙන් පසුව) ආයතනික රැකවරණයෙන් ඉවත් ව, විවාහ වී සිටින හෝ විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවන එහෙත් ස්ථාවර සහ ආරක්ෂිත නිවාසයක් නොමැති තරුණියන් සහ තරුණයන්.

නිසි පවුල් පසුබිමක් හෝ ජිවනෝපායක් නොමැති වීම හේතුවෙන් තවදුරටත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින වයස අවුරුදු 18 ඉක්මවූ තරුණ පිරිස් (විශේෂයෙන් කාන්තාවන්)."

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා