රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ
Vijitha Herath
Ministry of Foreign Affairs - sri lanka
Visa-Free Entry
Sinhala news
Breaking News
By Kaushi
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව දන්වා ඇත.
ඒ අද (25) දින කොළඹ පැවැති උත්සවයකදීයි.
මෙහොදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සඳුදා දින මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි.
අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී "'Hotel Show Colombo 2025'' ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.
