සියලු සේවකයින්ට සුබම සුබ ආරංචියක්...වැටුප් වැඩිකරන්නෙ මෙහෙමලු..

Government Employee Sri Lanka
By Aruna May 27, 2022 02:23 AM GMT
Aruna

Aruna

Report

ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා ය.

2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්‍රමසිංහ අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now