ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)

Ranil Wickremesinghe Sri Lanka Cabinet Government Of Sri Lanka Strike Sri Lanka Presidential Update
By krishani Jul 09, 2024 11:35 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අද (09) අනුමැතිය හිමි ව තිබෙනවා.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO) | Gov Employees Reported For Duty On July 8 And 9

ඒ 2024 ජූලි 8 සහ 9 යන දෙදින සේවයට වාර්තා කළ විධායක සේවා ගණයන්ට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ය.

වහාම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ - එකවරම දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ - එකවරම දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..


මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ වක්‍ර ලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලදී.

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)


කෙසේ වෙතත්, දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසු ගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබා දුන් සහන වලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබා දීමට ද රජය කටයුතු කළේ ය.

උපකාරක පංති ඇතුළුව තැන් 14කට බද්දක් - එතකොට මොකක් වෙයි ද?. රජය ගත්ත තීරණය මෙන්න..

උපකාරක පංති ඇතුළුව තැන් 14කට බද්දක් - එතකොට මොකක් වෙයි ද?. රජය ගත්ත තීරණය මෙන්න..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

Gallery