රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)
මේ වන විට රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක නිරතව සිටියි.
ඒ අනුව වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇත.
එලෙස, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (08) පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, පවතින අයවැය ප්‍රතිපාදන මත මේ වසරේ වැටුප් වැඩිකිරීමක් දීමේ හැකියාවක් නොමැති බව, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ දී ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

