උපකාරක පංති ඇතුළුව තැන් 14කට බද්දක් - එතකොට මොකක් වෙයි ද?. රජය ගත්ත තීරණය මෙන්න..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

උපකාරක පංති ඇතුළුව තැන් 14කට බද්දක් - එතකොට මොකක් වෙයි ද?. රජය ගත්ත තීරණය මෙන්න.. | Taxation In 14 Areas

ඒ මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)


ඒ මහතා මේ බව සඳහන් කළේ කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

ඒ ඔස්සේ ඉදිරියටත් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

එමෙන්ම, බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබා දී නොමැති බවත් බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

"ගිය අවුරුද්දේ අපි ගේනවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපයීම, ඉංජිනේරු සේවාවන්, මිනින්දොරු සේවාවන් ඔය 14 තුළ තියෙනවා.

ඒ නිසා ඒ 14 තුළින් ලියාපදිංචි වුණ සියලුදෙනාගේ ආදයම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යනවා."