ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කීප දෙනකුට නඩු..!

Report

අද(1) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා මහජන කොංග්‍,රසයේ (ACMC) පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ලබන සතියේ නඩු පවරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කීප දෙනකුට නඩු..! | Gotabaya Rajapaksha Court Cases

දේශපාලන වාසි තකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) අධ්‍යක්ෂවරයා එක්ව තමන්ව වසර 5ක් සිරගත කර තැබීමට සැලසුම් කර තිබූ බවත් තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් වු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී බදියුදීන් චෝදනා කළේය.නඩු පවරා එම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.