ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ආදී දේශපාලකයන් විසින් සංවිධානය කල අඛණ්ඩ උද්ඝෝෂණය පිළිබඳවත් හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම පිලිබදවත් ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.
එහිදී අදාළ යූටියුබ් නාලිකාවේ එම වැඩසටහන මෙහෙයවන යූටියුබ්කරු චෝදනා කර සිටින්නේ 2019 වසරේදී පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව ගෝටාභය රාජපක්ශ මහතා විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් වීමට සූදානම් බව පැවසීමත් මගින් මෙය පිටපතේ ආකාරයට සිදුවන බව ජනතාවට පැහැදිලි බවයි.
එමෙන්ම ඔහුගේ විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් තව නොබෝ දිනකින් ගෝටාභය රාජපක්ශ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි වූ බවත් ඔහු එම වීඩියෝව හරහා පවසා ඇත. මීට අමතරව විමල් වීරවංශ හා උදය ගම්මන්මිල ඇතුලු දේශපාලන ප්‍රබලයන් විසින් සුරේශ් සලේ වෙනුවෙන් කල සත්‍යග්‍රහය සැබෑ ලෙසම ගෝටාභය රාජපක්ශ මහතා වෙනුවෙන් සිදු කල බවත් ඔහු පවසයි.
ඔවුන් අඛණ්ඩවම උපවාසය කරන බව පවසමින් ආරම්භ කල නමුත් පාස්කු ප්‍රහාරයෙන් දුකට පත් වින්දිත පාර්ශවය පැමිණිමට සූදානම් වූ බව ආරංචි වී ඉන් පළායාමට ඔවුන් ලහි ලහියේ සත්‍යග්‍රහය අවසන් කල බවත් අදාළ යූටියුබ් වීඩියෝව මෙහෙයවන පුද්ගලයා චෝදනා කර ඇත. ඔවුන් මේ ආකාරයෙන් පෙනී සිටින්නේ සුරේශ් සලේ වෙනුවෙන් නොවන බවත් රාජපක්ශවරුන්ට බෙල්ලට තොණ්ඩුව වැටෙන බව දන්නා නිසාත් එය වැලැක්වීමට මේ ආකාරයෙන් පෙනී සිටින බවත් ඔහු චෝදනා කරයි.
මාරාන්තික රෝගයක් ලංකාවේ හිස ඔසවයි - දැනටම මරණ 23ක් රෝගීන් 40,443 ක් - ජනතාව අවදානමක බව සෞඛ්‍ය අංශ හෙළිකරයි
මෙම පිටපත් සකස් කරන විට ඒ පිලිබදව ඔවුන් දැන සිටි බවත් ගෝටාභය රාජපක්ශ බලයට පත් කර එමගින් දේශපාලන වාසි ලබා ගැනීමට කට පියන් සිටි බවත් ඔහු පවසයි. අවසානයේ ඔහු පෙන්වා දුන්නේ ජනතාව විසින් රටේ පරමාධිපති බලය හිමි ජනතාවට බවත් පුද්ගලයන් බලයට පත් කරන්නේ තම ජන්දයෙන් බවත් මේ වනවිට තේරුම් ගෙන අවසන් හා ඒ අනුව ක්‍රියා කරන බව ඔහු තම නාලිකාව හරහා පවසා ඇත