මාම සෙට්කරපු මනාලිය බලන්න ගිය පුතාට මාම කරපු කැත වැඩේ මාට්ටු වෙයි..
තෙල් හිඟය පවතින මෙවන් කාලයක අවිවාහක පුත්රයාට මනාලියක් බැලීමට යාම වෙනුවෙන් යතුරු පැදියට රුපියල් පන්සීයක පෙට්රල් ලබාගත් පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.
සිද්ධියට අනුව රාජ්ය ආයතනයක සේවය කළ හතළිස් විය පසුකර සිටි තම වැඩිමහල් සොහායුරියගේ පුත්රයාට විවාහය සඳහා තරුණියක සෙවීමේ කටයුත්ත බාර ගන්නා ලද්දේ මාමණ්ඩි තම යුතුකමක් ලෙස සලකාගෙනය.
තවත් රජයේ කාර්යාලයකම සේවය කළ මෙම මාමණ්ඩි සූර කපටිකම්ලින් මිනිසුන්ගෙන් යමක් කඩා වඩා ගැනීමට උපන්ගෙයි සමතකු බව ඔහු ඇසුරු කළ කාගේත් පිළිගැනීම විය.
පසුගිය දිනක තම වැඩිමහල් සහෝදරියගේ පුත්රයාට ඇමතුමක් දී තමන් වෙත විවාහපේක්ෂිත තරුණියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ලැබුණු බව දැන්වීය.
ඒ අනුව රජයේ නිවාඩු දිනයක අදාළ තරුණිය බැලීමට යාමට කතිකා කරගත් අතර එම ගමන තම යතුරු පැදියේම යා හැකි බවත් ඔහු සඳහන් කළේය.
කතිකාකරගත් දින උදෑසනින්ම පුත්රයාගේ නිවසට පැමිණ ඔහුද රැගෙන තරුණිය බැලීමට පිටත් විය. ඒ අතරතුර උදෑසන ආහාර නොගත් බව පවසමින් උදෑසන ආහාර වේලක්ද ගමන් මග තිබූ හෝටලයකින් ලබාගත්තේ එයද පුත්රයාගේ බිලට එකතු කරමිනි.
හෝටලයෙන් යහමින් සප්පායම් වී අසල වෙළෙඳසලකින් මනාලියගේ නිවෙසට යාමට කේක් හා කෙසෙල් ඇවරියක්ද මිලදී ගත්තේය.
මෙසේ මනාලියගේ නිවෙසට උදෑසන දහය පමණ වන විට ඔවුන් පැමිණි අතර නිවසේ අය සමඟ සතුටු සාමීචියේ යෙදී තේ පානයෙන් පසුව නැවත නිවස බලා පිටත් විය.
ඒ අතර තරුණිය සම්බන්ධයෙන් කැමැත්තද පුත්රයාගෙන් විමසා බැලුවේ ඔහුගේ අදහස දැන ගැනීමේ අපේක්ෂාවෙනි.
මේ අතරතුර ගමන්ගත් යතුරු පැදිය ඉන්ධන පිරවුම් හලක් අසල නතර කළේය.
ඉන්ධන හලේ පෙට්රල් ලබා ගැනීමේ ස්ථානය කරා යතුරු පැදිය රැගෙන ගොස් ඉන් රුපියල් පන්සීයක ඉන්ධන ලබා ගත් මාමණ්ඩිය මේ දවස්වල තෙල් කියන්නේ රත්තරන් වගේ ඒ නිසා පුතාගේ වැඩේ හරියන්නත් කියලා ඕක ගෙවලා දාන්න යයි පැවසුවේ කිසිදු ගණනකට නොගෙන යි.
එය ඇසූ පුත්රයා ඉන්ධනහලට රුපියල් පන්සීයක් ද ගෙවා, ''කෙල්ලත් කළුයි, වයසත් වැඩියි, වැඩේට දෙදාස් පන්සීයක්ම ගියා, මාමාගේ හැටිත් තවත් වතාවක් දැනගත්තා'' යයි තමන්ටම කියා ගත්තේය.
උපුටා ගැනීමක්.
පී.එම්. රාජපක්ෂ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |