පාඩු පිට දිව්ව ගමේ බස්වලට මෙන්න රජයෙන් සුබ ආරංචියක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන සම්බන්ධ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවේදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව වෙන් වෙන් ලෙස මහාමාර්ග, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, වරාය සහ එහි කටයුතු වෙනුවෙන් අයවැය මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන, එම ප්‍රතිපාදන භාවිත කර ඇති ආකාරය මෙන්ම අනාගත සැලසුම් පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමසුමට ලක් කළ බව සඳහන්.
[ZMGEXNB ]
ඒ අනුව එහිදී ජනාධිපතිවරයා ග්‍රාමීය මාර්ගවල බස්රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවද එම බරපැන රජයෙන් දරමින් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට සැලසුම් සකස් කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.
එසේම ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීමට වැදගත් වන අංශවලට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා යන අංශ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක කර ගැනීම මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මෙන් ජනාධිපතිවරයා තවදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.