මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

Malaria Death National Health Service Sinhala news Breaking News
By Kaushi Aug 13, 2025 11:19 AM GMT
Kaushi

Kaushi

Report

මදුරුවන් දෂ්ට කිරීම නිසා ඇතිවන මාරාන්තික රෝගයක් වන මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබූ පසුබිමක පසුගිය දිනක මෙරට යාපනය ශික්ෂණ රෝහලෙන් මැලේරියා රෝගය වැළඳුණු අයෙක් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වුණා.

එවන් පසුබිමක යළි මෙරට තුළ මැලේරියා රෝගය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය.

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

ඒ සම්බන්ධයෙන් මැලේරියා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ මෙවැන්නක්,

''මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කළේ 2016 වසරේදී. ඊට පෙර මෙරටින් අවසන් රෝගියා වාර්තා වුණේ 2012 වර්ෂයේ. ඊට කළින් අවසන් මැලේරියා මරණය වාර්තා වුණේ 2007 අවුරුද්දේ. ඒ අනූව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන්. මේ නිසා විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුට හැර මෙරට කෙනෙකුට රෝගය වැළඳීමේ අවස්ථාවක් නෑ. 2023 සහ 2024 අවුරුදු දෙකේදී මැලේරියා මරණ එක බැගින් වාර්තා වුණා. අනතුරුවයි පසුගියදා යාපනය රෝහලෙන් එවැනි මරණයක් වාර්තා වුණේ. ඒ මරණකරුත් විදේශයක සිට පැමිණි අයෙක්. මේ විදියට 29 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි බවට අනාවරණය වුණා. පිරිසෙන් දෙදෙනෙක් යාපනය කයිට්ස් ප්‍රදේශයේ. මේ දෙන්නාගෙන් පළමු රෝගියා බේරා ගන්න හැකිවුණා. අනෙක් පුද්ගලයා තමයි මරණයට පත්වුණේ. මේ අය අතර හතර දෙනෙක් හඳුනා ගත්තා සංකූලතා සහිත මැලේරියා රෝගීන් බවට. මේ සියළුම දෙනා අක්‍රමවත් ලෙස විදෙස් ගතවූ අය බවට තහවුරු කර ගත්තා. මේ අය නීතිවිරෝධී ක්‍රමයකට යුරෝපීය රටකට යන්න පිටත්වෙලා තියෙනවා. ප්‍රංශයට යන්න ගිය ඔවුන් අතරමගදි අප්‍රිකානු අතරමැදි රටක නැවතිලා තියෙනවා. දින ගාණක් එහෙම අතරමංවෙලා වගේ ඉඳලා යම් ක්‍රමයකින් නැවත ලංකාවට ආ බවට තහවුරු කෙරුණා. මෙවැනි පිරිස් ඇත්ත කරුණු වසන් කරනවා. ප්‍රතිකාර කරන්නත් ඒක ලොකු ගැටලුවක්'' යනුවෙන් පැවසූ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය තවදුරටත් සඳහන් කළේ ''මේ තත්ත්වයෙන් රෝහල්ගත වූ රෝගියා යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මිනිත්තු 30ක් ඇතුළත අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එහෙම ඉද්දි මැලේරියා රෝගී බව අඩු වුණා. අනතුරුව සී.ටී ස්කෑන් පරීක්ෂාවක් සිදුකළා. එහෙම ඉඳලා දින තුනකට පස්සේ තමයි මේ රෝගියා මිය ගියේ. මේ පුද්ගලයා ඇතුළු 29 දෙනෙක් නීතිවිරෝධී ක්‍රමවලින් විදස්ගතව සිට පැමිණි බවට තහවුරු වෙනවා. ඒ අයගෙන් 20 දෙනෙක් පිරිමි පුද්ගලයින්. ඒ වගේම 21 දෙනෙක් ලාංකිකයින් බවට තහවුරු වුණා. කොහොම නමුත් විදේශිකයි මෙරටට පැමිණීම හරහා රෝගය ව්‍යාප්ත වීමක් සිදුවෙන් නෑ. ඔවුන් අවශ්‍ය ප්‍රතිකාර සහ නියමිත ක්‍රමවේද යටතේ එන්නේ. ලංකාවේ සිට නීතිවිරෝධී ක්‍රමවලට ගිය පිරිස නැවත එද්දි තමයි රෝගය රැගෙන එන්නේ. ඒක අවධානම් තත්ත්වයක්. 2024 වසරේ එහෙම ආපු අයගෙන් 97%ක් පිරිමි. පිරිසෙන් වයස 21 - 60 අතර ප්‍රමාණය 86%ක් වගේම පිරිසෙන් 76ක්ම ලාංකිකයින්'' බවයි.

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා

ඒ අනුව අක්‍රමවත් ලෙස රැකියා වෙනුවෙන් විදෙස්ගත වූවන්, මැණික් ව්‍යාපාරය සඳහා යන පිරිස මෙන්ම ධීවර සහ වෙළඳාම වෙනුවෙන් යන එන පිරිස හරහා රෝගය පැතිරීමේ අවධානමක් පවතින බව සඳහන් කරයි.

එමෙන්ම විදෙස්ගත වීමකදී ලබාගත යුතු ඖෂධ වර්ග ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකකවල තිබෙන බවත් ඒවා භාවිතයට ගන්නා ලෙසත් පැවසූ වෛද්‍යවරිය විදෙස්ගත වීමට ප්‍රථම ඒවා ලබා ගන්නා ලෙසත් නැවත පැමිණි පසුව උණ, හිසරදය, වමනය, ඇඟපත රුදාව වැනි රෝග පවතින්නේනම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අංශවලට දැනුම් දෙන්නැයිද උපදෙස් දෙයි.

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

ඊට අමතරව මැලේරියා රෝගයේ අවධානමක් ඇති නොවීමට යමෙක් විදෙස්ගත වීමට මත්තෙන් හා නැවත මෙරටට පැමිණි පසුවත් නියමිත ඖෂධ භාවිතයට ගන්නා ලෙසත් ප්‍රතිකාර සඳහා යොමුවන පිරිස සිය සංචාරක ගමනාන්ත පිළිබඳව පැහැදිලි තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසත් මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාව දැනුවත් කරයි.