රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්
රාජ්‍ය සේවයට හැට දෙදහසක් බඳවාගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතත් ලක්ෂයක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුසවීමට එක්වෙමින්.
ඒ අනුව ඊයේ(06) දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැසවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
එහිදී ඔහු විසින් රාජ්‍ය දේහයම සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවැටිලා තිබෙන බවත් ඔබතුමාලාගේ වාහන අවුරුදු 20කට 25කට වඩා පරණ ඒවා බැවින් වාහන 2000ක් ගෙනල්ලා රාජ්‍ය සේවයට බෙදලා දෙන්න තීරණය කළ බවත් සඳහන් කළා.