ඉදිරි සතියේ ගෑස් මිලට සහ බෙදාහැරීමට වෙනදේ මෙන්න...
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (25) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (24) පස්වරුවේ නිවේදනය කළා.
ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කියා සිටියා.
ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය ඊයේ දිනයේ ද දැකගත හැකිවිය.
ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතිය දක්වා ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත්, තව දුරටත් ගෑස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ද ඇති බවත්ය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ, පෝලිම්වල රැදී සිටීමෙන් සහ වැඩි මිලට ගෑස් මිලදීගැනීමෙන් අපහසුතාවට පත්නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |