අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමේ..!

Report

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4,860කි.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මිල වැඩිවීම ක්‍රියාත්මක වෙනු ඇත.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මීට පෙර පැවැති මිල රුපියල් 2,675කි.

මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 874කින් මිල ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,945කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 910ක් වන අතර එහි මිල වැඩිවීම සිදුව ඇත්තේ රුපියල් 407කිනි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now