ගෑස් පටවා තිබූ ත්‍රිරෝද රථයට පිරිසක් කඩා පැන සිදු කළ දේ... (VIDEO)

video fighting Gas
By Sithumi Mar 19, 2022 09:20 AM GMT
Sithumi

Sithumi

Report

මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ බෙදාහැරීමේ පර්යන්තයේ සිට රට පුරා ගෑස් බෙදාහැරීම මේ වනවිට සිදුකෙරෙමින් පවතී. නමුත් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගෑස් මිලදී ගැනීමට ඇතැමුන් උත්සාහ කිරීම නිසා බොහෝ ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයන් හටගත් බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි. 

 කෙළවරපිටිය, මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ බෙදාහැරීමේ පර්යන්තයේදී ඊයේ රාත්‍රී 9 පමණ වනතෙක් ගෑස් බෙදාහැරීම සිදුවූ අතර යළි එය අද පෙරවරු 8ට ආරම්භ කෙරුණි. කෙසේවෙතත් වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟය හමුවේ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා අදත් ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණි.

මේ අතර ගාල්ල නගරයේත් දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර අද උදෑසන ගෑස් රැගත් ලොරියක් එහි පැමිණ තිබුණි. ඒ අතරවාරයේ එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක් ලොරි රථයෙන්ම ගෑස් සිලින්ඩර 10කට ආසන්න සංඛ්‍යාවක් පටවා ගැනීමත් සමග පෝලිම්වල රැඳී සිටි ජනතාව නොසන්සුන් විය. අවසානයේ එල්ල වූ විරෝධය හමුවේ ත්‍රිරෝද රථයට පටවාගත් ගෑස් සිලින්ඩර යළි පිටතට ගැනුණි.

ත්‍රීරෝද රථය වටකර ගත් පිරිස් එහි තිබූ ගෑස් සිලින්ඩර බලහත්කාරයෙන් පිටතට ඇද දැමීමට කටයුතු කළේය. මේ අතර බණ්ඩාරවෙල නගරයටත් අද පෙරවරුවේ ගෑස් රැගත් ලොරි රථයක් පැමිණ තිබුණි. නමුත් ගෑස් අලෙවි නියෝජිතයින් නිකුත් කරන්නේ සීමිත සිලින්ඩර ප්‍රමාණයක් බවට පාරිභෝගිකයින් චෝදනා කළේය. පසුව පොලීසිය මැදිහත්වී අලෙවි නියෝජිතයින් සතුව තිබුණු ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ට ලබාදීමට පියවර ගත්තේය.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now