සඟවා තිබූ ගෑස් තොගයක් සොයා ගැනේ - වෙළෙඳ පොළට වඩා දෙගුණයකින් මිල වැඩි කරලා (VIDEO)

Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ වැටලීම සිදුකර තිබුණේ කොළොන්නාව ප්‍රදේශයේදීය.

කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවිකිරීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කර තිබුණි. ඒ අනුව අදාළ බේකරිය තුළ තිබී ගෑස් සිලින්ඩර 40ක් පමණ සොයා ගැනුණි.

වෙළෙඳපොළ මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අදාළ ව්‍යාපාරිකයා ගෑස් අලෙවි කර තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගැණුනු අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට යොමු කෙරුණි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now