බන්ධනාගාර තාප්පවලින් එපිට ඉන්නෙත් මිනිස්සු - හිරේ හිටපු කාලේ නාමල්ට තේරුණ කුරිරු සත්‍යය - X සටහනක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ට පහරදීම්, වධහිංසා පැමිණවීම් සහ මරණ සිදු වීම තනි තනි සිදුවීම් වශයෙන් සැලකිය නොහැකි බවත්, එම පිරිස්වල ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් සඳහන් කරයි.
ඒ අනුව ඔහු සිය නිල 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමා අත්අඩංගුවේ පසුවූ කාලය තුළදී බන්ධනාගාර තාප්පවලින් එපිට සිටින්නේ ද රාජ්‍ය ආයතනවල ආරක්ෂාව මත ජීවිතය පවතින මනුෂ්‍යයන් බව පැහැදිලි වූ බවයි.
එම සටහනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය සිදුවීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගිය අතර, මරණ පරීක්ෂණ වාර්තා අනුව ඉන් 17 දෙනෙකු වෙඩි වැදීමෙන් ද, 11 දෙනෙකු ප්‍රහාරයන්ට ලක්වීමෙන් ද මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය වූ බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්
එසේම මරණය සහ කුරුණෑගල, කොබෙයිගනේදී සිදුවූ 41 හැවිරිදි පුද්ගලයාගේ මරණය ද රාජ්‍ය අත්අඩංගුවේ සිටින පිරිස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවීමට හේතුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.
තවද මීගමුව සිදුවීම සිදුවී මාස හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, අධිකරණ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බවත්, වගවීම පිළිබඳ ගැටලුව තවමත් විසඳී නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඊට අමතරව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ස්වාධීන පරීක්ෂණ කැඳවා ඇති බවයි. තවද "නීතියේ ආධිපත්‍යය තෝරාගත් පරිදි ක්‍රියාත්මක වන විට එහි අර්ථය නැතිවී යනවා.
දේශපාලන වාසිවලින් ඔබ්බට ගොස් සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි," යනුවෙන් පවසන ඔහු, පුද්ගලයෙකුගේ නිදහස සීමා කළ හැකි වුවද ජීවත් වීමේ අයිතිය, ගෞරවය සහ ආරක්ෂාව අහිමි කළ නොහැකි බවත් වැඩිදුරටත් අවධාරණය කරයි.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
Being in custody has made one reality impossible to ignore: behind prison walls are human beings whose lives depend entirely on the institutions entrusted with their protection. People are being beaten, allegedly tortured and dying while in State custody. These are not isolated incidents. The Negombo Prison tragedy alone resulted in 28 deaths. Medical findings presented in court revealed that 17 victims died from gunshot injuries, while the remaining 11 died from blunt-force assaults. More recently, the deaths of 29-year-old Ishara Harshakumara in Homagama Police custody and a 41-year-old man in Kobeigane, Kurunegala, have raised further serious questions about the treatment and protection of people in State custody. The Human Rights Commission has raised grave concerns and called for independent investigations. Yet, nearly four months after Negombo, forensic reports remain pending, families are still waiting for answers, and accountability remains unresolved. The rule of law loses its meaning when it is applied selectively. Justice must stand above political interests, protect individual rights and remain impartial, whoever the individual may be. A person’s freedom may be restricted, but their right to life, dignity and protection cannot be taken away. The question is simple: Who protects those who are behind bars, and who ensures that the truth does not die with them? The State has a duty to protect every life in its custody. That duty is not optional. -Admin
— Namal Rajapaksa (@RajapaksaNamal) November 2, 2026