ගාලු මුවදොර උද්ඝෝෂණ ගැන කොළඹ කොටුව ස්ථානාධිපතිගෙන් වාර්තාවක්..!

Sri Lanka GotaGoHome Galleface protest GotaGoGama Colombo oic
By Sewvandhi Apr 18, 2022 08:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ, ගාලු මුවදොර ප්‍රදේශයේ සිදුකරන මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

කොටුව පොලීසියේ නිලධාරීන් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත එම කරුණු වාර්තා කිරීම සිදුකළ බව අප වාර්තාකරු පැවසීය.

පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ ගාලු මුවදොර ප්‍රදේශයේ විශාල පිරිසක් රැස්ව උද්ඝෝෂණ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවය.

එබැවින් මහජන ගමනාගමනයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා සිදුවී ඇති බවත් පොලීසිය ප්‍රකාශ කළේය එබැවින් යම් මහාජන සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා වුවහොත් මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

...................................

You may like this video -:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now