වතුර ගහලා සභාව කැළඹුවට අත්අඩංගුවට ගත් ලොක්කෝ 5දෙනාට ඇප[UPDATE]

Report

ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) දින නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකාර නාගරික මන්ත්‍රීවරුන් පිරිස ඊයේ පැවති මහ නගර සභාවේ සභාවාරයේදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරින් රැඳී සිටින දෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කරන අයුරු දැඩි මතභේදයට තුඩු දී ඇත.

ඔවුන් එසේ ක්‍රියාකළේ ඊට පෙර පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලකදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් ක්‍රියාකළ ආකාරයට විරෝධය පළකිරීම සඳහා බව වාර්තා වේ.

මෙම සිදුවීමේදී සාපරාධී බලහත්කාරය පා රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් එම පිරිස ගාල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත (එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා (පොදුජන එක්සත් පෙරමුණ), ප්‍රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්. යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොබන් (එක්සත් ජාතික පක්ෂය) යන පිරිසයි.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දහවල් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා නියෝග කර තිබුණා.

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි

මාලිමාව නියෝජනය කරන ලොක්කෙක් හිටි හැටියේ ඉල්ලා අස් වෙයි - හේතුව මෙන්න

මාලිමාව නියෝජනය කරන ලොක්කෙක් හිටි හැටියේ ඉල්ලා අස් වෙයි - හේතුව මෙන්න