මාලිමාව නියෝජනය කරන ලොක්කෙක් හිටි හැටියේ ඉල්ලා අස් වෙයි - හේතුව මෙන්න
මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) දින මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ ප්රථම වතාවට සභාපතිවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය වේ.
අසේල මහතා මාස හයක් වැනි ඉතා අඩු කාලයක් සභාපති ධුරය දරා එයින් ඉවත් වනුයේ තමාගේ පෞද්ගලික තීරණයක් මත බවටත් මෙම ඉල්ලා අස්වීම කිසිදු බලපෑමක් මත සිදුවන දෙයක් නොවන බවටත් සඳහන් කර තිබෙනවා.
එබැවින් තමන්ගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව තම පක්ෂයටද නිල වශයෙන් දැනුම් දී ඇති බවද සභාපතිවරයා කියා සිටියා.