අයවැයේදී උණුසුම් තත්ත්වයක් - පොලිසියත් කැඳවයි
අද (24) දින ජාතික ජන බලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ පැවති අයවැය ඡන්ද විමසීම අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට මේ වනවිට පොලිසිය කැඳවා ඇත.
එහිදී වාර්තා වන ආකාරයට නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ සාමකාමී ඡන්ද විමසීමක් පැවැත්වීමේ අරමුණෙන් පොලිසිය කැඳවීමට පියවර ගත් බවයි.
ඒ අනුව අද පැවති ඡන්ද විමසීමේදී පළමුවර අයවැයට පක්ෂව ඡන්ද 21ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 15 ක් පමණයි. කෙසේ වෙතත් එහිදී විපක්ෂය එල්ල කළ විරෝධතාවක් හේතුවෙන් යළිත් ඡන්දය විමසීමට පියවර ගත් බව තොරතුරු වාර්තා වේ.