ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්
ඕස්ට්‍රේලියාවේ යුදෙව්වන් ඉලක්ක කරගත් ප්‍රහාරයට සමාන සිදුවීමක් ශ්‍රී ලංකාවේ ද සිදුවිය හැකි බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකාව ඊශ්‍රායල ජාතිකයින් ආකර්ෂණය කර ගන්නා සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බවත් ඔවුන්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවත් පෙන්වා දුන් ඔහු, ඕස්ට්‍රේලියාවේ යුදෙව්වන් ඉලක්ක කරගත් ප්‍රහාරයට සමාන සිදුවීමක් ශ්‍රී ලංකාවේ ද සිදුවිය හැකි බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉස්ලාමය තහනම් කිරීමට යන්නේ නැත, කුරානය තහනම් කිරීමට යන්නේ නැත, එය එසේ කළ නොහැක. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව භූ දේශපාලනය පිළිබඳව ඉතා පැහැදිලි විය යුතු බව ඔහු පැවසීය.