තමාව අපයෝජනය කළ දෙදෙනෙක්ව දැරිය අධිකරණයේදී හඳුනාගනී

abuse court order galkissa online selling web sites
By Sewvandhi Jul 15, 2021 10:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි චෝදනා එල්ලවී ඇති සැකකරුවන් දෙදෙනෙකුව අද (15) පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් හඳුනාගෙන තිබේ.

දැනට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පෞද්ගලික නැව් සමාගමක කපිතාන්වරයා සහ සහකාර කපිතාන්වරයාව එලෙස හඳුනාගෙන ඇත. එම හඳුනාගැනීමේ පෙරට්ටුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ පැවැත්වුණි.

එහිදී, අතවරයට පත් දැරිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා ඉතාම පහසුවෙන් හඳුනා ගත් බව මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය. ඉන් අනතුරුව මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති හෙයින් එම සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සෑම ඉරු දිනකම පෙරවරුවේ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවට නියෝග කර තිබේ.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් එසේ බලපෑම් කරන බවට පැමිණිලි ඉදිරිපත් වුවවොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකරුවන්ට අවවාද කර ඇත. අනතුරුව පැමිණිල්ල ලබන 19 දා කැඳවීමට ද නියම කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha