අන්තර්ජාල වේගය අඩාල වෙයි - මුළු ලෝකයක් බලා සිටි වීඩියෝ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වේ
Grand Theft Auto VI වීඩියෝ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වීමටත් පෙර එය බාගත කර ගැනීමට ලොව පුරා ක්‍රීඩකයින් විශාල වශයෙන් එක්වීමත් සමඟ ගෝලීය අන්තර්ජාල දත්ත ගමනාගමනයේ නව වාර්තා බිහි වී තිබේ.
මෙම ක්‍රීඩාව කලින් මිලදී ගත් පරිශීලකයින්ට එය නිකුත් වන දිනයේදීම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීම සඳහා සතියකට පෙර සිට ක්‍රීඩාව බාගත කර ගැනීමේ පහසුකම සලසා දී තිබුණි.
ගිගාබයිට් 212ක (212 GB) දැවැන්ත ගොනු ප්‍රමාණයකින් යුත් මෙම ක්‍රීඩාව බාගත කිරීම සඳහා Xbox පරිශීලකයින්ට නොවැම්බර් 9 වැනිදා පස්වරු 7 සිටත්, PlayStation 5 පරිශීලකයින්ට නොවැම්බර් 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටත් අවස්ථාව හිමි විය.
අමෙරිකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන සමාගමක් වන Comcast සඳහන් කරන්නේ, ක්‍රීඩාව බාගත කිරීම් ආරම්භ වී ගත වූ පළමු පැය 48 තුළදී GTA VI තම ජාල ඉතිහාසයේ විශාලතම තනි සිදුවීමට අදාළ දත්ත ගමනාගමනය වාර්තා කළ බවයි.
එමෙන්ම එම පැය 48 තුළදී සමාගමේ ඉතිහාසයේ වැඩිම දත්ත ගමනාගමනයක් වාර්තා වූ දින 10 අතරට දින දෙකක් ද එක්ව තිබේ.
අමෙරිකානු පාපන්දු තරගාවලියේ තරග සහ Call of Duty, Fortnite වැනි ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා බාගත කිරීම් හේතුවෙන් මීට පෙර Comcast ජාලයේ දත්ත ගමනාගමනය ඉහළ ගොස් තිබුණ ද, ඒ කිසිවක් GTA VI බාගත කිරීම හේතුවෙන් ඇති වූ දත්ත ගමනාගමනයට සමීප වීමටවත් නොහැකි වූ බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.