කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙනසක් - ආයෝජකයන්ට විශේෂ පුවතක්

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (18) දිනයේදී පහළ යන ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 62.58කින් පහළ ගොස් ඒකක 21,638.49ක් ලෙස සටහන් වී ඇත.

එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.29ක පහළ යෑමකි. එමෙන්ම, වඩාත් ද්‍රවශීලී කොටස් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද සියයට 0.22කින් පහළ ගොස් තිබේ.

එහි ඒකක 13.38ක පහළ යෑමක් සමඟ දර්ශක අගය ඒකක 6,171.09ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර, සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යෑමට ධනාත්මක දායකත්වයක් ලබාදුන් සමාගම් අතර Access Engineering සියයට 1.56කින් ද, Tokyo Cement Company (Lanka) සියයට 1.91කින් ද ඉහළ ගොස් තිබේ.

ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක්

ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක්

එමෙන්ම Distilleries Company of Sri Lanka සියයට 0.34කින්, Janashakthi Insurance සියයට 1.84කින් සහ Asiri Hospital Holdings සියයට 1.61කින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, Commercial Bank සියයට 0.68කින් ද, Hatton National Bank සියයට 0.69කින් ද පහළ ගොස් තිබේ.

තවද Ambeon Holdings සියයට 6.15කින් සහ WealthTrust Securities සියයට 5.98කින් පහළ ගොස් ඇති අතර Dialog Axiata කොටස් මිල ද සියයට 0.20කින් පහළ ගොස් ඇත.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 236.14ක් ලෙස වාර්තා වී තිබේ.

එහිදී ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය රුපියල් මිලියන 55.83ක පිරිවැටුමක් වාර්තා කරමින් වැඩිම පිරිවැටුමක් සහිත අංශය බවට පත්ව ඇත.

'අක්වාන්' ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙයි- කාලගුණයෙන් හදිසි රතු අනතුරු ඇඟවීමක්

'අක්වාන්' ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙයි- කාලගුණයෙන් හදිසි රතු අනතුරු ඇඟවීමක්