ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්ර ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.
එබැවින් රන් අවුන්සයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී තිබෙනවා.
මෙය ඩොලර් 3,800 සීමාවෙන් පහළට පැමිණීමක් බව සඳහන්.
එසේම ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ද රුපියල් 3,000කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
එබැවින් අද (18) දින කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් වශයෙන් සටහන් විය.
එසේම කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 355,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.