යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.
By Wayomi
යුධ හමුදාවේ කීර්ති නාමයට හානි පමුණුවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ යුධ හමුදාවට අපහාසාත්මක වන ආකාරයෙන් වගකීම් විරහිත සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිපදෙනෙකු අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට නිකුත් කර ඇති බවයි.
එමෙන්ම පෞද්ගලික වාසි මුල්කරගනිමින් මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනිව එවැනි අසත්‍ය තොරතුරු මගින් යුධ හමුදාව සහ ජනතාව අතර සුහදත්වය පලුදු කිරීමේ අසාර්ථක උත්සහයන් ලෙස මෙවැනි ක්‍රියා පෙන්වා දිය හැකි බවද අදාළ නිවේදනයේ සඳහන්.