හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂගේ අවසන් කටයුතු අද මැදමුලනේදී- අවසන් ගෞරව දැක්වීමට අතිවිශාල පිරිසක් මැදමුලනට එක්රොක් වෙ
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) දහවල් මැදමුලන පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.
ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මැදමුලන වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය පසුගිය නොවැම්බර් 15 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.
ඇය ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ මෑණියන් ද වේ.