කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.

By Wayomi Oct 23, 2024 07:02 AM GMT
Report

කැලණිය සරසවියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී ඇති බව අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.

ඊයේ (22) රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා අනතුරුව සියලුදෙනා නේවාසිකාගාරයට ගොස් තිබෙනවා.

එහිදී මත්බවින් සිටි සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් ගොස් ඇත.

ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇති බවට පොලීසිය සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

අනතුරු ඇඟවූ ආරුගම්බේ ප්‍රහාරය ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න.

අනතුරු ඇඟවූ ආරුගම්බේ ප්‍රහාරය ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න.


සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බව ද නිහාල් තල්දූව කියා සිටියා.

නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී එලෙස මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් වන ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙකි.

සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර ප්‍රින්ස් උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යනය සඳහා උපකාර පංති පවත්වමින් ගුරුවරයෙකු ලෙස ද සිය අනාගත පරපුරේ නැණ පහන් කිරීමට උත්සාහ දැරූ සොඳුරු පුද්ගලයෙකි.

ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ජනතාව ඉවත් කරයි. - එක්වරම ගත් තීරණය මෙන්න.

ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ජනතාව ඉවත් කරයි. - එක්වරම ගත් තීරණය මෙන්න.

මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට මරණ දඬුවම් නියම කරයි.

මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට මරණ දඬුවම් නියම කරයි.

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)