අද ඩොලරයට මොකද වුණේ? ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඩොලර් මිල නොවෙනස්ව - අද බැංකු ඩොලර් අනුපාත මෙන්න
අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (18) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වෙනස්කම් සහිතව ස්ථාවර මට්ටමක පවතී.
බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 336ත් 338ත් අතර අගයක සටහන් වී තිබේ.
සෙලාන් බැංකුවේ (Seylan Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.50ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.75ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.30 සිට 328.20 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 337.30 සිට 337.20 දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් ඇත.
මහජන බැංකුවේ (People’s Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.65ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.80ක් ලෙසත් නොවෙනස්ව පවතී.
කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 326.77ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.70ක් ලෙස සටහන් වේ. මේ අතර, සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.75ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතී.