ඉන්ධන හිඟයක් ඇති වේවිද..? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනයේ සඳහන් වන්නේ, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් කිසිදු ආකාරයකින් ඛණිජ තෙල් හිඟයක් ඇති නොවන බවයි.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග පවතින බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටළුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
එබැවින්, මෙවැනි ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රවෘත්තිවලට රැවටීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
