රට පුරා ඉන්ධන සම්බන්ධයෙන් පැතිර යන ආරංචිය මෙන්න..

Report

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල යළිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

පිරවුම්හල්වලින් ඇනවුම්කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය සඳුදා පස්වරුවේ අවසන් වුවත් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග නොලැබීම නිසා දිගු පෝලීම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now