ඉන්ධන ප්‍රමිතියේ ගැටලුවක් නම් කලයුතු දේ..

Report

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ  0115234234 හෝ 0115455130  යන අංක වෙත එම ගැටළු සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතින බවයි.

ප්‍රදේශ කිහිපයකින් ඉන්ධනවල පවතින ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now